බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු සැත්කමකට රෝහල් ගත කරයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු සැත්කමක් සඳහා රෝහල්ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

96හැවිරිදි පිලිප් කුමරු පසුගිය කාලය තුළ සෞඛ්‍ය ගැටලු කිහිපයකට මුහුණ දෙන ලදි. ඒ හේතුවෙන් පිලිප් කුමරු පසුගිය කාලයේ දී රාජ්‍ය උත්සවවලට ද සහභාගි වූයේ නැත.

සෞඛ්‍ය ගැටලු හේතුවෙන් පිලිප් කුමරු වසර 65ක් පුරා සිදුකළ රාජ්‍ය කටයුතුවලින් ද විශ්‍රාම ගනු ලැබීය. බ්‍රිතාන්‍ය ඉතිහාසය තුළ දීර්ඝ කාලයක් රාජ්‍ය කටයුතුවල නිරත වූ කුමරු ලෙස ද පිලිප් කුමරු හැඳින්වේ.

ඊයේ(04) දිනයේ දී ලන්ඩනයේ පිහිටි කින්ග්ස් එඩ්වඩ් VII රෝහලේ දී පිලිප් කුමරුට සැත්කමක් සිදු කර ඇත.

බ්‍රිතාන්‍ය හැරී කුමරුගේ සහ මේගාන් මාකල්ගේ විවාහ උත්සවය මැයි මාසයේ දී පැවැත්වීමට නියමිතය. අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පිලිප් කුමරු ඒ සඳහා ද සහභාගි නොවනු ඇති බවට එරට වාර්තා සඳහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *