ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය ඇමතූ අගමැති

(කොළඹ, ලංකාපුවත්) –විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමත් සමග 2015 ජනවාරි 8 වැනි දින ජනතාව ලබාදුන් ජනවරම තවදුරටත් ශක්තිමත් කරමින් රජය ඉදිරියට යන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(04) රාත්‍රියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

මෙම විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීම විශිෂ්ඨ ජයග්‍රහණයක් බවද ඔහු සදහන් කළේය.

එමෙන්ම ඒ සඳහා මැති ඇමතිවරුන් සිදු කළ කැප කිරීම හා සේවය තමන් අමතක නොකරන බවද පැවසීය.

එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා වැඩිදුරටක් කියා සිටියේ, “ අපිට අලුත් ගමනක් යන්න තියෙනවා. ආණ්ඩුවක් විදිහට අපි පෙබරවාරි 10 දින ලැබුණු ප්‍රතිපඵයත් එක්ක හොඳ ගමනක් යන්න ඕනි. 2015 ජනවාරි 8 පසුව රටේ විශාල වෙනසක් සිද්ධ වුණා. ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදිහට මේ රට ගොඩනැගුණා. ගමේ සංවර්ධනය අපි ඇති කරන්න ඕනි. මිනිස්සුන්ගේ ආදායම වැඩි කරන්න ඕනි. ජනතාවට සමීප ලෙස වැඩ කරන්න ඕනි. රටට දැනෙන වෙනසක් කරන්න ඕනි. “

“ ඒ වගේම අපි මන්ත්‍රීවරුන්ටත් ආධාර උපකාර කරන්න ඕනි. මේ විශ්වාසභංගය පරාජයට පත් කළේ පුද්ගලයෙක් ආරක්ෂා කරන්න නෙමෙයි. ආණ්ඩුව ආරක්ෂා කරන්න. එජාපය තුළත් අපි පූර්ණ වෙනසක් ඇති කළ යුතුයි. අපේ අඩුපාඩු හදාගෙන රට බලාපොරොත්තු වූ වගකීම ඉටු කළ යුතුයි. මම ජනාධිපතිවරයා සමඟත් සාකච්ඡා කරනවා. අපේ ආණ්ඩුව ආරක්ෂා කරගෙන මූලධර්ම අනුව කටයුතු කරන්න ඕනි“ යැයි ද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *