සුපිරි නළු සල්මන්ට සිරදඬුවම්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් රූගත කිරීමක් අතරතුර මුවන් දෙදෙනෙකු දඩයම් කිරීම වෙනුවෙන් එල්ලවී තිබූ චෝදනාවට වරදකරු බව ඉන්දීය අධිකරණය ඊයේ(05) තීන්දු කළේය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඉන්දීය තවත් නළුවන් හතර දෙනෙකු එම චෝදනාවලින් නිදහස් කරන බව අධිකරණය නියෝග කර ඇත.

ජෝද්පූර් අධිකරණය මෙම තීන්දුව ලබාදුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

ආරක්ෂා කළ යුතු සතුන් බවට ප්‍රකාශයට පත්කර තිබූ කළු මුවන් දෙදෙනෙකු දඩයම් කළ බවට සල්මන් ඛාන්ට චෝදනා එල්ල විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා තුනකදී වරදකරු කළද ඉදිරිපත් කළ අභියාචනා ඉදිරිපත්කර ඔහු නිදහස් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *