හැරී කුමරුගේ පෙම්වතිය පැහැරගෙන යයි

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍ය හැරී කුමරාගේ පෙම්වතිය වන මේගන් මාර්කල් පැහැරගෙන යාමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇයව මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ ආරක්ෂක පෙරහුරුවක් සඳහාය. බ්‍රිතාන්‍යය ප්‍රභූ විශේෂ බළකායේ නිලධාරීන් විසින් මෙම පැහැර ගැනීම සිදු කර තිබේ.

රාජකීය පවුලේ සාමාජිකයෙක් වීමට සූදානම් වන තැනැත්තන් සදහා මෙම විශේෂ ආරක්ෂක පෙරහුරුව ලබා දීම සිදු කෙරේ.

මේගන් මාර්කල් මෙලෙස පැහැරගෙන ගොස් දින දෙකක් තිස්සේ රඳවා ගෙන සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ත්‍රස්‌තවාදීන් විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබුවහොත් විශේෂ බළකාය බළකාය විසින් බේරාගැනීම සඳහා භාවිතා කරන උපක්‍රම ගැන දැනුම ලබාදීම එහිදී සිදුව තිබේ. එම අවස්ථාවට බ්‍රිතාන්‍යයේ හැරී කුමරුද එක්ව සිට ඇත.

හිටපු හමුදා බුද්ධි නිලධාරියෙකු වන ජෙරල්ඩ් මුවර් මේ පිළිබද අදහස් දක්වමින් පවසා ඇත්තේ ඇගේ පැහැරගෙනයාමේ පෙරහුරුවෙන් ශාරීරිකව හා මානසිකවත් ඇයට දැනුවත් වීමට අත්දැකීමක් ලැබෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *