අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් හා දුම්රිය සේවා

(කොළඹ, ලංකාපුවත්) – සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ බස් හා දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා කියා සිටියේ ලංකා ගමනා ගමන මණ්ඩලය අමතර බස් රථ 2000ක් අවුරුදු සේවා සඳහා යෙදවීමට පියවර ගෙන ඇති බවය. සාමාන්‍ය බස් සේවාද නියමිත පරිදි ක්‍රියාත්මක ය.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ද මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබේ.

විශේෂ දුම්රිය සේවා ද උත්සව සමය වෙනුවෙන් යොදවා ඇති බව දුම්රිය ගමනා ගමන අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර එළඹෙන උත්සව සමයේ ආහාර පාන හිඟයකින් තොරව ලබාගැනීම සඳහා පාරිභෝගික ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *