අලුත් අවුරුදු සමයේ පාරිභෝගික අධිකාරියේ වැටලීම් වැඩි කරයි

(කොළඹ, ලංකාපුවත්) – අලුත් අවුරුදු සමයේ පාරිභෝගිකයා කූට වෙළෙදුන්ගෙන් ආරක්ෂා කර ගැනිම සඳහා දිගින් දිගටම වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය.

මේ දිනවල වැටලීම් 1877ක් සිදු කර ඇති බවත් ඉන් 1340 දෙනෙකුට නඩු පවරා ඇති බවත් තිලකරත්න මහතා සදහන් කලේය.

අදාළ පුද්ගලයින්ගෙන් දඩ මුදල් ලෙස රුපියල් 5764900ක් අය කරගෙන තිබේ.

අවුරුදු සමය වෙනුවෙන් පාරිභෝගිකයින් වැඩි වශයෙන් ආහාරපාන,ඇඳුම් පැළදුම් ,විදුලි උපකරණවැනි භාණ්ඩ මිලදී ගැනිමට පෙළඹෙන බවත් එහිදී පාරිභෝගිකයා සූරා කෑමේ අරමුණින් ඇතැම් ව්‍යාපාරිකයින් විෂමාචාර ක්‍රියාවන්හි නිරත වන බවත් සභාපතිවරයා කීවේය.

එවැනි අසාධාරණකම් හමුවේ පාරිභොගිකයින් ආරක්ෂා කර ගැනිමට මේ පියවර ගත් බවත් තිලකරත්න කියා සිටියේය.

එමෙන්ම වෙළදාම විධිමත් කිරිමත් ආරක්ෂා කිරිමත් උදෙසා කර්මාන්ත හා වානිජකටයුතු පිළිබඳ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ උපදෙස් මත මේ පියවරයන් ගත් බවද හසිත තිලකරත්න මහතා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *