නව සමාගම් සංස්ථාගත කිරීම අන්තර්ජාලය ඔස්සේ

(කොළඹ, ලංකාපුවත්) – නව සමාගම් සංස්ථාගත කිරීම ඇතුළු සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන ප්‍රමුඛ සේවාවන් කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ (ඔන්ලයින්)ලබාදීම ආරම්භ කෙරේ.

මෙමe Registrar of Companies (e-ROC) ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නව සමාගම් සංස්ථාගත කිරීම සහ සමාගම් නාමය අනුමත කිරීම යන සේවාවන් අන්තර්ජාලය ඔස්සේ සිදු කර ගැනීමට මහජනතාවට පහසුකම් සැලසේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංය, සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.

මේ අනුව නව සමාගම් සංස්ථාගත කිරීම සහ සමාගම් නාමය අනුමත කිරීම යන කටයුතු වලට අදාල ලිපි ලේඛන සේවාලාභීන්ට රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමටද ඒ සදහා වන මුල්ය් ගෙවීම්ද අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට හැකිවේ.
eroc.drc.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම සේවාව ලබා ගැනීමට හැකිවේ.

මෙම e-ROC ව්යාෙපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම නොබෝදා කොළඹදී සිදු කෙරුණු අතර මෙහිදී අදහස් දැක්වු විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය මහතා සදහන් කළේ මෙරට ආර්ථික ක්‍රියාවලිය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කර්යක්ෂම හා ඵලදායී කිරීමට මෙම පියවර බෙහෙවින් වැදගත් වන බවද ජාත්‍යන්තර ආර්ථික දර්ශකයන්ගේ ඉහලට යෑමට මෙය රුකුලක් වන බවයි.

මෙහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ විශේෂ ව්‍යාපෘති කළමනාකරු කාංචන තුඩුගල මහතා මෙහිදී සදහන් කළේ නව සමාගමක් ලියාපදිංචි කිරීමේ කටයුතු සදහා දැනට දින නමයක් පමණ ගත වන බවත් මෙම e-ROC ව්‍යාපෘතිය යටතේ එක් දිනක් දක්වා අඩුවන බවයි.

මෙම වසර අවසාන වන විට සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව මගින් මහජනතාව වෙත ලබාදෙන සියළුම සේවාවන් පාහේ අන්තර්ජාලය ඔස්සේ ලබා දීමට නියමිත බවද තවද මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ නව සමාගම් සංස්ථාගත කිරීමට සමගාමීව දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ සහ කම්කරුදෙපාර්තමේන්තුවේ ලියාපදිංචියද ලබා ගතහැකි බව මෙහිදී අනාවරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *