(කොළඹ, ලංකාපුවත්) – රුපියල් ලක්‍ෂ 150ක් වටිනා මැණික් ගලක් රැගෙන වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙන් පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අප්‍රේල් 01වනදා ගල්කිස්ස හෝටලය අසළ දී විකිණීම සදහා රැගෙන පැමිණි ලක්‍ෂ 150ක් වටිනා මැණික් ගලක් මුදල් ලබා නොදී විශ්වාසය කඩ කිරීමක් සම්බන්ධව විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව මැණික් ගල ලබා ගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් ප්‍රශ්න කර මැණික් ගල උකස් කර තිබියදී සොයා ගෙන ඇත.
සැකකරු සහ මැණික් ගල ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වූ බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද(09) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගල්කිස්ස පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.