ගම් මට්ටමට දැනෙන ප්‍රතිසංවිධානයක් විය යුතුයි – පා. ම. මරික්කාර්

(කොළඹ, ලංකාපුවත්) – ජනතාවට දැනෙන අකාරයේ ප්‍රතිසංවිධානයක් පක්ෂය තුළ විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන යටතේ රුපියල් ලක්ෂ 30 ක වියදමෙන් කාපට් අතුරා සංවර්ධනය කරන ලද කොහිලවත්ත රණසිංහ මාවත ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට එක්වෙමින්ය.

එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිද්ධ වෙන්න ඕනේ. ගම් මට්ටමේ බිම් මට්ටමේ ජනතාවට දැනෙන විදිහේ ප්‍රතිසංවිධානයක් වෙන්න ඕනේ. රට ඉල්ලන, ගම ඉල්ලන, පාක්ෂිකයා ඉල්ලන ප්‍රතිසංවිධානයක් විය යුතුයි. ඒක පිළිබදව අපි සාකච්ඡා කලා. නමුත් මාධ්‍යට වාර්තා වල පළවන විදිහට මුකුත් නැතිව කමිටුවක් පත් කරලා ඉවරයි කියන එකයි යන්නේ. නමුත් ඒක පට්ටපල් බොරුවක්. කමිටුවක් කියන්නේ දේශපාලන මණ්ඩලයක් පත් කළා. ඒ හරහා පක්ෂයේ ඉහළ තනතුරු වලට පත්වෙන උදවිය සම්බන්ධව තිරණයක් අරගෙන කෘත්‍යාකධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඕනේ. මොකද හේතුව මේ සියළු දෙනාගේ තනතුරු මේ මාසේ 30 වෙනිදායින් ඉවරයි. මේ මාසේ 30 වෙනිදා වෙනකොට මේ තනතුර නැවත පත් කරන්න ඕනේ.

අනික් එක ඔළු ගෙඩි මාරු කිරීමේ ප්‍රතිසංවිධානයකට වඩා ගම් මට්ටමේ බිම් මට්ටමේ ජනතාවගේ දහඩිය සුවද තේරුම් ගෙන. ඒකට උත්තරයක් ලබා දෙන්න පුළුවන් විදිහේ ප්‍රතිසංවිධානයක් පක්ෂය හා ආණ්ඩුව තුළ සිදු විය යුතුයි. තනතුරු මාරු කරා කියලා, යූන්පී කාරයින්ට සමෘද්ධිය ලැබෙන්නේ නැතිනම්, රැකියාවක් ලැබෙන්නේ නැතිනම්, අවුරුදු 20 ක් තුළ වූ දේශපාලන පළිගැනීම් වලට සාධාරණ වෙන්නේ නැතිනම් , ගම් මට්ටමේ සංවර්ධනය සිදු වෙන්නේ නැතිනම් ඒ ප්‍රතිසංවිධානයක් කලා කියලා තේරුමක් නෑ. ප්‍රතිසංවිධානයක් කරන්නේ ඡන්දයක් ජයග්‍රහණය කරන්නයි. දේශපාලනය කරන කවුරුත් හැමදාම විපක්ෂයේ ඉන්න බලාපොරොත්තු වෙන්නේ නෑනේ. රාජ්‍ය බලය ගත්තු අය රැක ගන්න බලාපොරොත්තු වෙනවා. නැති අය එය ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ දෙයට හරියන ආකාරයේ ප්‍රතිසංවිධානයක් විය යුතුයි යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *