පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ 05කට හිරු අද මුදුන් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි දින කිහිපයේදී සවස් කාලෙය් ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වලත් හම්බන්තොටදිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ.

බස්නාහිර,වයඹ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වැසි බලාපොරොත්තු වේ. සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (10) දහවල් 12:11ට කල්කුඩාව, වැලිකන්ද, පොළොන්නරුව, අඹන්පොළ සහ මදුරන්කුලිය යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *