(කොළඹ, ලංකාපුවත්) – මේ වන විට ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් නායකයා ලෙසින් කටයුතු කරන තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියේදී පන්දු යැවීමෙන් ඉවත්වීමට අදහස් කරගෙන සිටින බවට වාර්තා වේ. මේ පිළිබඳව පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි විසිනි.
හොඳම ක්‍රීඩකයින්ගෙන් වැඩි සේවාවක් ලබාගැනීමේ අරමුණින් ඔවුන් අබාධවලට ලක්වීම වලක්වාගැනීම සඳහා මේ තීරණය ගත් බව තේරීම් කමිටු සභාපතිවරයා පවසා ඇත.
මේ අනුව ඉදිරියේදී මැතිව්ස් එක්දින, ටෙස්ට් සහ පන්දුවාර 20 තරගවලදී විශේෂඥ පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට එක්වීමට නියමිතය.