ෆේස් බුක් හිමිකරු අද අමෙරිකානු සෙනෙට් මණ්ඩලය හමුවට

(කොළඹ, ලංකාපුවත්) – ලොව විශාලතම සමාජ ජාලයේ නියමුවා වන ෆේස් බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් අද(10) අමෙරිකානු සෙනට් මණ්ඩලය වෙත කැදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ ෆේස් බුක් පරිශීලකයන්ගේ දත්ත පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා යොදාගත් බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු විමසීම සඳහය.

33 හැවිරිදි සකර්බර්ග් හෙට දිනයේ එරට කොංග්‍රස් මණ්ඩලය හමුවේ පෙනී සිටීම ද තීරණය කර තිබේ.

අමෙරිකානු පාර්ලිමේන්තුවේ සාක්‍ෂි ලබාදීමට පෙර ඔහු ඊයේ දිනයේ දී සෙනෙට් සභිකයන් නිල නොවන මට්ටමින් හමු වූ බව ද සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *