අනුෂා කොඩිතුවක්කු සහ ලෝක ශුර මේරි කොම් අතර අවසන් පුර්ව තරගය හෙට

(කොළඹ, ලංකාපුවත්) – ගෝල්ඩ් කෝස්ට් නුවරදී පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා 45-48kg බොක්සිං තරග ඉසව්වේ අවසන් පුර්ව තරගය සදහා සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු සමත් වී තිබේ.

පසුගිය 8 වැනිදා පැවති අර්ධ අවසන් පුර්ව තරගයේදී කේමන් දුපත් හී Brandy Barnes පරාජයට පත් කල අනුෂා අවසන් පුර්ව තරගයට සුදුසකම් ලබන්නට සමත් විය.

අවසන් පුර්ව තරගය පරාජය වුවද අනුෂා හට මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිවන අතර අවසන් පුර්ව තරගයේදී අනුෂා තරගවැදීමට නියමිත වන්නේ පස් වතාවක් ලෝක කාන්තා බොක්සිං ශුරතාවයට හිමිකම් කියන්නට සමත් වූ ඉන්දීය සුපිරි බොක්සිං ක්‍රීඩිකා මේරි කොම් සමගයි.

මේරි කොම් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ කාන්තා Flyweight (51KG ) ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කරගත් අතර, මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක් වන්නේ ඇයගේ පළමු පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම බලාපොරොත්තුවෙනි.

2016 වසරේ මීට පෙර අනුෂා සහ මේරි කොම් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී බොක්සිං වළල්ල තුල හමුවී ඇතත්, අබාධයකට ලක්වීමත් සමගින් අනුෂා එම තරගය පරාජයට පත් විය.

අනුෂා කොඩිතුවක්කු සහ මේරි කොම් අතර මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා 45-48kg බොක්සිං අවසන් පුර්ව තරගය හෙට (11) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 07.32ට (දහවල් 12:02 ට – බ්‍රිස්බේන් වේලාවෙන් ) ගෝල්ඩ් කෝස්ට් නුවර Oxenford Studios හිදී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *