එකම පවුලේ පියා-පුතා-දුව ගින්නකින් එකටම අවසන් ගමන් යයි

(කොළඹ, ලංකාපුවත්) – මැණික්හින්න, රජවැල්ල 02, රම්බඩවත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක හට ගත් ගින්නක් හේතුවෙන් පිළිස්සීමෙන් පියා, පුතා සහ දියණිය මිය ගොස් ඇත.

අද(10) උදෑසන 07.30ට පමණ මැණික්හින්න පොලිසියට ලද තොරතුරක් අනුව මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙලෙස මිය ගොස් ඇත්තේ ඉන්දික පුෂ්ප කුමාර ප්‍රේමතිලක නැමැති 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, 13 හැවිරිදි දුල්මි නවාංගනා ප්‍රේමතිලක නැමැති ඔහුගේ දියණිය සහ වයස අවුරුදු 05ක් වන දිලේෂන ගයාන් ප්‍රේමතිලක නැමති ඔහුගේ පුතා ය.

තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා, මහේස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මැණික්හින්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *