රජිනිගේ “කාලා” අප්‍රේල් 27වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ඉන්දිය සුපිරි නළු රජිනිකාන්ත්ගේ 160 වන නවතම චිත්‍රපටය වන “කාලා“ චිත්‍රපටය සිනමා ශාලාවල තිරගත වීම අප්‍රේල් 27වනදා සිට ආරම්භ වේ.

මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ පා.රන්ජිත් ය. මෙහි නිෂ්පාදනය රජිනිකාන්ත්ගේ බෑනා වන ධනුෂ් ය.

ධනුෂුගේ වොන්ඩර්බාර් ලේබලය යටතේ චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරපටය පසුගිය පෙබරවාරි 28 වැනිදා නිකුත් කරන ලදි.

මැර කල්ලි සමාජිකයන් වටා ගොඩනැගෙන මෙම චිත්‍රපටයේ රජිනි සමග නානාපටේකර් සහ හුමා කුරේෂි රංගනයෙන් දායක වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *