(කොළඹ, ලංකාපුවත්) – ලොව වයස්ගතම පුද්ගලයා පිළිබඳ ජපානයෙන් වාර්තා වේ.
ජපානයේ හොකයිඩෝහි ජීවත් වන මසාඔ නොනකා ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තා පොතට ඊයේ(10) සිය නම එක් කර ඇත.
1905 වර්ෂයේ ජුලි 25 වන දා උපත ලබා ඇති නොනාකා මේ වනවිට ගත කරන්නේ, සිය 112 වැනි වසරයි.
දරුවන් තිදෙනෙකුගේ දයාබර පියෙකු වන නොනකාගේ ජීවිකාව ගොවිතැන බව වාර්තා වේ.
පිරිසිදු උණුසුම් උල්පතක ගිලි සිටීම, නොනාකගේ දින චර්යාවේ එක් අංගයක් වන අතර ඔහු පැණි රස ආහාරවලට දැඩි ඇල්මක් ද දක්වන බව සඳහන් කර ඇත.
මීට පෙර ලොව වයස් ගතම පුද්ගලයා ලෙස වාර්තා පොතට එක්ව තිබුණේ ස්පාඤ්ඤයේ ජීවත් වූ වයස අවුරුදු 113ක් වූ ෆ්‍රැන්සිස්කෝ නන්ශෙස් ඔලිවේරා යි. ඔහු ඉකුත් ජනවාරි මාසයේ දී අභාවප්‍රාප්ත විය.