විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනය අවසන්

(කොළඹ, ලංකාපුවත්) – විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනය අවසන්කර තිබේ.

වර්ජනය අවසන් කළ බව සියලු සාමාජිකයන්ට දැනුම් දෙන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසීය.

ඒ අනුව ලබන 17 වනදා සිට සේවයට වාර්තා කිරීමට නියමිතය.

වැටුප් ඉහළ නංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාසයකට අධික කාලයක සිට විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් වර්ජනයක නිරත විය.

අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස තම ගැටලු බොහොමයකට විසඳුම් ලබාදීමට එකඟ වී ඇති බව ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *