(කොළඹ, ලංකාපුවත්) – ගාල්ල කොටුව ආසන්නයේ මුහුදු තීරයේ තිබී කිලෝ ග්‍රෑම් 40 කට අධික බරකින් යුත් ප්‍රතිමාවක් සොයාගෙන තිබේ.
කොරල්පර නැරීඹීම සඳහා පැමිණි කරාපිටිය ප්‍රදේශයේ තරුණයන් පිරිසකට මෙම ප්‍රතිමාව හමු වී ඇත.
මුහුදු වෙරළේ සිට අඩි 150 ත් 200 ත් අතර දුරකින්යුත් පැහැදිලි මුහුදේ මතුපිට සිට අඩි 5 ත් 10 ත් පමණ ගැඹුරකින් මෙම ප්‍රතිමාව මතුව තිබේ.
ප්‍රතිමාව මේ වන විට ගාල්ල කොටුව සුදර්මාලය විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට ද කටයුතු කර ඇත.