කොලොම්බියාවේ ඊසාන දිග ප්‍රදේශයට හදිසි තත්ත්වයක්

(කොළඹ, ලංකාපුවත්) – කොලොම්බියාවේ ඊසාන දිග ප්‍රදේශයට හදිසි තත්ත්වයක් එම පළාතේ ආණ්ඩුකාරවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ප්‍රදේශයේ ප්‍රතිවාදි කැරලි කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කොළොම්බියාවේ නෝර්ටේ ඩි සැන්ටන්ඩර් පළාතට මෙලෙස හදිසි තත්ත්වයක් පනවා ඇතැයි සදහන් වේ.

ගැටුම් හටගැනිම හේතුවෙන් අවතැන් වූ ජනතාවට උපකාර කිරීම සදහා මෙම පියවර ගත් බව ආණ්ඩුකාරවරයා පවසා ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත. ඔහු පැවසුවේ ගැටුම් හේතුවෙන් දහසකට අධික පවුල් සංඛ්‍යාවක් අවතැන් වූ බවය. එමෙන්ම දරුවන් හාරදහසකට පමණ පාසල් යාමට නොහැකි වී ඇති බවත් ඔවුහු පෙන්වා දී ඇත.

ඊ පි එල් සහ ඊ එල් එන් සංවිධාන යටතේ පවතින කලාපයේ පාලනය ලබා ගැනිම සදහා ගැටුම් ඇතිව තිබේ. ඊ පි එල් සංවිධානය පසුගිය ඉරිදා සන්නද්ධ වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර ඒ සමග ගැටුම් හට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *