අධිවේගයේ මෙතෙක් ඉපැයු සුපිරි ආදායම

(කොළඹ, ලංකාපුවත්) – අධිවේගී මාර්ගවලින් මෙතෙක් ලැබූ දිනෙක ඉහළම ආදායම වන රුපියල් කෝටි තුනක ආදායමක් ඉකුත් 11 වැනිදා උපයා ගෙන තිබේ.

එදින වාහන 105,000 ක් පමණ අධිවේගී මාර්ගවලට ඇතුල් කර ඇති අතර එයින් වැඩි ප්‍රමාණය කොළඹින් පිටව යන වාහන වූ බව අධිවේගී මාර්ග නඩත්තු හා කළමණාකරණ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පැවසීය.

14 වැනිදා සවස් භාගයේ විශාල වාහන තදබදයක් පැවති අතර පැය කිහිපයක් තුළ වාහන 40,000 කට වඩා අධිවේගී මාර්ගයට පැමිණිම මෙම තදබදයට හේතුවු බව ඕපනායක මහතා කියා සිටියේය.

එසේම 15 වැනිදා ද වාහන 80000 කට ආසන්න ප්‍රමාණයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර ඇත. එයින් දෙකෝටි අනූ ලක්ෂයකට ආසන්න ආදායමක් ලැබිමට සමත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *