සංගක්කාරට විස්තර විචාරකකමක්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන් වෙනුවට හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ඉදිරි මාස කිහිපය තුල එංගලන්තය සත්කාරකත්වය දරන තරගාවලි සඳහා විස්තර විචාරකයෙකු ලෙස සහභාගී කරවා ගැනීමට එම තරගාවලි වල මාධ්‍ය අයිතිය හිමි ‘ස්කයි ස්පෝර්ට්ස් (Sky Sports)’ ආයතනය තීරණය කර ඇත.

ඒ අනුව එලඹෙන පාකිස්තානය හා ඉන්දියාව අතර සම්පූර්ණ තරගාවලි සඳහාත්, ඕස්ට්‍රේලියාව සීමිත පන්දුවාර තරගාවලි සඳහාත් එංගලන්තයේ සංචාරය කරන අතර එම සියලු තරගාවලි සඳහා කුමාර් සංගක්කාර විස්තර විචාරකයෙකු ලෙස සහභාගි වීමට නියමිතය.

කුමාර් සංගක්කාර එංගලන්තයේ පැවති 2017 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ද විස්තර විචාරක කාර්යය ඉටු කළ අතර මේ වන විට ඔහු පළමු පෙළ තරගවලින් විශ්‍රාම ගෙන ඇති නිසා පෙරට වඩා විස්තර විචාරක කුටියේ රැඳීමට ඉඩ හිමි වේ.

කෙසේ වුවත් එංගලන්තයේ විස්තර විචාරක කටයුතු භාර ගතහොත් සංගක්කාර හට එළඹෙන අගෝස්තු 18වනදා සිට සැප්තැම්බර් 10වනදා දක්වා පැවත්වෙන ශ්‍රී ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *