මිරිස්ස සංරක්ෂණයෙන් දෙබිඩි කැස්බෑවෙක්

(කොළඹ, ලංකාපුවත්) – මාතර, මිරිස්ස කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ දී දෙබිඩි කැස්බෑ පැටවෙකු බිහිවී තිබේ.

බිත්තරවලින් බිහිවූ මෙවැනි කැස්බෑ පැටවෙකු මිට පෙර වාර්තාවී නොමැති බව මිරිස්ස වනජීවී මධ්‍යස්ථානයේ නිලධාරීන් සදහන් කළේය. දෙබිඩි කැස්බෑ පැටවා මේවන විට ඉතා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවේ.

කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් වසරකට පැටවුන් විශාල ප්‍රමාණයක් මහ මුහුදට එක් කෙරේ.

බිත්තරවලින් බිහිවන කැස්බෑ පැටවුන් සංරක්ෂණය හා වැටලීම්වලින් අල්ලා ගන්නා බිත්තර ද සංරක්ෂණය කෙරෙන්නේ, මේ ස්ථානයේය. එහි මෙවැනි දෙබිඩි කැස්බෑ උපතක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *