ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන යානයක් මත්තලට එයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහනය කරන ඇන්ටනොව් ඒ.එන් – 225 යානය අද (18) උදෑසන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ගොඩබස්වා තිබේ.

රුසියාවට අයත් මෙම ගුවන්යානය මැලේසියාවේ සිට කරච්චි නුවර බලා පිටත්ව යන අතරතුර දී මෙලෙස ගොඩ බස්සා ඇත.

මෙම ගුවන් යානය පැමිණ ඇත්තේ ඉන්ධන ලබාගැනීම සඳහාය. ඇන්ටනෝ 225 ගුවන් යානයේ බර ටොන් 640 කි.

කාර්ය මණ්ඩලය 24 දෙනෙකුගෙන් සමන්විත මෙම ගුවන් යානය අද රාත්‍රීයේ කරච්චි නුවර බලා පිටත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *