විභාග පැවැත්වීම සහ ඇගයීම් ක්‍රියාවලිය Online ක්‍රමයට පැවැත්වීම ගැන විදෙස් පුහුණුවක්

(කොළඹ, ලංකාපුවත්) – විභාග දෙපාර්තමේන්තුවේ විභාග ක්‍රියාවලිය නවීකරණය කරමින් ඒ සඳහා නව තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබා දී තිබේ

එහි එක් පියවරක් ලෙස විභාග පැවැත්වීම සහ ඇගයීම් ක්‍රියාවලිය Online ක්‍රමයට පැවැත්වීම සම්බන්ධව මැලේසියාවේ PUTRA විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන පුහුණු වැඩසටහනක් සඳහා සහභාගිවීමට විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12 දෙනෙකු සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් 3 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අප්‍රේල් මස 22 දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයෙ.

ඔවුන් සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය අද (20) උදෑසන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *