ස්වාසිලන්තය නම වෙනස් කරගනී

(කොළඹ, ලංකාපුවත්) – ස්වාසිලන්තයේ නම එස්වාටිනි රාජධානිය ලෙස වෙනස් කිරීමට එරට රජුවන තුන්වන මිස්වටී රජු තීරණය කර තිබේ.

එස්වාටිනි රාජධානිය යන නමින් අර්ථගැන්වෙන්නේ ස්වාසි වැසියන්ගේ භූමිය යන්නයි. ස්වාසි රජුගේ 50වන උපන්දිනය හා ස්වාසිලන්තයේ නිදහස් සැමරුමට සමගාමීව මෙලෙස ස්වාසිලන්තය රාජධානියක් ලෙස නම්නිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

ඒ සඳහා ස්වාසි රජුට නීතිමය බලතල පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

2017 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී සහ අප්‍රිකානු සංගමයේ හා තවත් ජත්‍යන්තර සම්මන්ත්‍රණ කිහිපයකදී ස්වාසිලන්තයේ රජුව හදුන්වා දී ඇත්තේ ‘එස්වාටිනි රාජධානියේ රජු‘ ලෙසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *