අමෙරිකාවේ සියලු ස්ටාර්බක්ස් කෝපි අවන්හල් තාවකාලිකව වැසේ

(කොළඹ, ලංකාපුවත්) – අමෙ‍රිකාවේ සමස්ත starbucks කෝපි අවන්හල් 8000ක් ලබන මස 29 වැනිදා සවස තාවකාලිකව වසා දැමීමට එම සමාගම තීරණය කර ඇත.

තම සේවා මණ්ඩලයට වර්ගවාදයට එරෙහි වීම පිළිබඳ පුහුණුව ලබා දීම එහි අරමුණ වේ.

පසුගිය 12 වැනිදා කළු ජාතිකයන් දෙදෙනෙකු පිලඩෝපියා නගරයේ starbucks කෝපි අවන්හලේ වැසිකිළිය භාවිත කිරීමට ගිය අවස්ථාවේ එහි සේවකයන් ඔවුන්ට ඒ සඳහා අවසර ලබා දී නොමැත. පසුව ඔවුන් එම අවන්හලෙන් කිසිවක් මිලදී නොගෙන අවන්හලේ නැවතුනු නිසා එහි කළමනාකරු පොලිසියට ඒ පිළිබඳව වාර්තා කර තිබේ. පසුව පොලිසිය එම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

starbucks කෝපි අවන්හල වර්ගවාදයෙහි නිරත වීම හේතුවෙන් පසුගිය දිනවල බොහෝ අමෙරිකානු වැසියන් විරෝධතා පළ කරමින් එම අවන්හල් වර්ජනය කරන ලෙස ඉල්ලීම් කර ඇත.

මේ වන විට පිලඩෝපියා හි එම අවන්හලේ කළමනාකරු සේවයෙන් ඉවත් කර ඇත. starbucks සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා එම කළු ජාතිකයන් දෙදෙනා හමු වී සමාව ඉල්ලා සිට ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *