ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණය මැයි 19 වනදා

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණය ලබන මස 19 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර ශ්‍රි ලංකා ක්‍රිකට් අයතනයේ සභාපති ධුරය සදහා හිටපු සභාපතිවරුන් දෙදෙනෙකු සහ හිටපු උප සභාපතිවරුන් තිදෙනෙකු තරග වදින අතර හිටපු ලේකම්වරයෙකුද තරග වැදීමට සිය නාමයෝජනා භාරදී තිබේ.

මේ වන විට අදාළ නාම යෝජනා භාර ගැනීම ආරම්භ කර ඇති අතර එම නාමයෝජනා භාර ගැනීම ලබන 27 වන දා අවසන්වනු ඇත.

මේ අතර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ කණ්ඩායමද මෙවර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වීමට නියමිත බවට තොරතුරු ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *