නව සිරියාව ගොඩනැගීමට ප්‍රංශයත් එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – යුද්ධයෙන් අනතුරුව නව සිරියාවක් ගොඩනැගිය යුතු බව, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් අවධාරණය කරයි.

අමෙරිකාවේ කාර්යභාරය එහි දී වඩා වැදගත් බව ඔහු පෙන්වා දී ඇත. ප්‍රංශ ජනාධිපතිවරයා අන්තර්ජාතික ප්‍රවෘත්ති නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ජාවක දී මේ බව සදහන් කර තිබේ.

අමෙරිකාව ප්‍රංශය හා එයි සන්ධාන හවුල්කරුවන් එක්ව සිරියාව ගොඩනැගිය යුතු බව ඔහු පෙන්වා දී ඇත. අයි එස් ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමෙන් අනතුරුව සිරියානු භූමිය අතහැර නොදැමිය යුතු බව, ප්‍රංශ ජනාධිපතිවරයා අවධාරණය කරනු ලැබේ. සිරියාව ගොඩනැගීමේ දී රුසියාව හා තුර්කියට ද වැදගත් කාර්යභාරයක් පවතින බව ඔහු පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *