ඉන්දියාවේ පාසල් වෑන් රථයක් දුම්රියක ගැටේ – දරුවන් 13ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ, උත්තර් ප්‍රදේශයේ කුෂී නගර් දුම්රිය හරස් මාර්ගයකදී පාසල් බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් සිසුන් 13 දෙනෙකු මිය ගොස් තිබේ.

ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ මෙම අනතුරින් තවත් 8 දෙනෙකුගෙන් යුත් පිරිසක් තුවාල ලබා ඇති බව ය.

වයස අවුරුදු 10 අඩු සිසුන් වැඩි පිරිසක් මෙහි සිට ඇති බවද සදහන් වේ.

උත්තර ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ අදාළ සිද්ධියෙන් මිය ගිය සිසුන්ගේ පවුල් සඳහා ලක්ෂ 2ක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන බවය.

මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ස්වදේශ කටයුතු ඇමති රජන්ත් සිං විසින් මෙම අනතුරින් මිය ගිය දරුවන්ගේ පවුල්වලට ශෝකය පළ කර ඇත.

අදාළ අනතුරින් පාසල් වෑන් රථයේ රියදුරුද මිය ගොස් තිබේ. එම රියදුරු රථය පදවන විට සංගීතය ශ්‍රවණය කරමින් ගොස් ඇති බවද වාර්තා වේ. වෑන් රථයේ දරුවන් 20දෙනෙකු පමණ සිටි බවද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *