ඇවන්ගාඩ් විමර්ශනයට අදාළව හිටපු නාවික හමුදා ලුතිනන්වරයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව හිටපු නාවික හමුදා ලුතිනන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද(26) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ හිටපු නාවික හමුදා ලුතිනන්වරයෙකු වන සමුද්‍ර නිලුපුල් ද කොස්තා යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඔහු ඇවන්ගාඩ් සමාගමේ මෙහෙයුම් කළමනාකාරවරයා ලෙස කටයුතු කර ඇත.

සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *