එජාපයේ නව මහ ලේකම් මාධ්‍ය අමතමින් අද කී කතාව

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් තමන් වෙත පැවරෙන වගකීම් නිසි පරිදි ඉටු කරමින් පක්ෂයේ අනාගතය වෙනුවෙන් කැප වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“මට කිසිම කණ්ඩායම් බෙදීමක් නෑ.මම පක්ෂයේ සියල්ලන් සමගි කර ගනිමින් පක්ෂය නව ගමනක් රැගෙන යනවා.” යනුවෙන්ද එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *