වියානි ඇළට වහාම ආරක්ෂිත වැටක් – ජනපති උපදෙස් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය කාලසීමාව තුළ සිදුවූ අනතුරු සැලකිල්ලට ගනිමින් වියානි ඇළට වහාම ආරක්ෂිත වැටක් ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.

ඒ සදහා වැය වෙතැයි අපේක්‍ෂිත රුපියල් මිලියන 26ක මුදල කඩිනමින් නිදහස් කිරීමට ද ජනාධිපතිතුමා තීරණය කර ඇති බව සදහන් ය.

වියානා ඇලේ ආරක්‍ෂිත වැටක් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලසීමාව තුළ අනතුරු කිහිපයක් සිදු විය.

ඊට ආසන්නතම හේතුව වාර්තා වූයේ ඊයේ(26) අලුයම උපකාර පන්ති ගුරුවරයෙකු පැද වූ සුඛෝපභෝගී ජිප් රථයක් වියානි ඇළට පෙරලීමත් සමගය. එම මෝටර් රථයේ සිටි උපකාරක පන්ති ගුරුවරයා සොයා අද(27) දිනයේ දී මෙහෙයුම් සිදු කරන බව පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *