(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට බ්‍රිතාන්‍යයේ පූර්ණ සහාය ලබාදෙන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩුවාරිස් මහතා පැවසීය.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවූ අවස්ථාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේය.
කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ පසුගියදා පැවති හමුවේදී මහ කොසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආර්ථික සහයෝගීතාව ශක්තිමත්කර ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට පූර්ණ සහාය ලබාදෙන බවය. ක්ෂේත්‍ර කිහිපයක ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් හුවමාරුකර ගැණුනි.
එසේම පසුගියදා පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව (CHOGM 2018) පිළිබඳව අදහස් දක්වමින් මහ කොසාරිස්වරයා පැවසුවේ පොදුරාජ්‍ය මණ්ඩලීය සමාජික රටවල් සාමූහිකව සමෘද්ධිය බෙදාහදා ගත යුතු බවය.
පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුවේදී ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය පිළිබඳව අමාත්‍ය බදුර්දීන් මහතා කියා සිටියේ එහි ව්‍යාපාරික සංසදයේ දී ශ්‍රී ලංකාවේ සහභාගීත්ව මට්ටම පිළිබඳව තමා සතුටු වන බවය.