උතුරු සහ දකුණු කොරියානු නායකයින් අතර ඓතිහාසික හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු සහ දකුණු කොරියානු නායකයින් අතර ඓතිහාසික හමුවක් අද (27) පැවැත්වේ.

ඒ, දෙරට දේශසීමාවෙහි පිහිටි අවිහරණ කලාපයේදී පැවැත්වෙන සමුළුවකදී ය.

ඒ අනුව දකුණු කෙරියානු නායක මූන් ජේ ඉන් අද පෙරවරු 9.30ට එහිදී උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් පෞද්ගලිකව හමුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව 1953 වසරේ කොරියානු යුද්ධය නිම වීමෙන් අනතුරුව දේශසීමාව ඔස්සේ දකුණු කොරියානු භූමියට පය තබන පළමු උතුරු කොරියානු නායකයා ලෙස කිම් ජොන්-උන් ඉතිහාසයට එක්වනු ඇත.

විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, කොරියානු දෙරට නායකයින් මේ වන විටත් සමුළුවට සහභාගී වීම සඳහා ගමන් අරඹා ඇති බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *