වස ශරීර ගත වූ පියෙකු සහ දරුවන් දෙදෙනෙකු රෝහල්ගත කරයි

(කොළඹ, ලංකාපුවත්) – චාවකච්චේරිය, තිරුප්පුගල් ප්‍රදේශයේදී පියෙකු විසින් සිය දරුවන් දෙදෙනාට වස දී ඔහුද වස පානයකර තිබේ.

35 හැවිරිදි පුද්ගලයෙකු සිය දස හැවිරිදි පුත්‍රයාට සහ හත් හැවිරිදි වියේ පසුවූ දියණියට වස දී ඔහුද මෙලෙස වස පානයකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

වස පානය කිරීමෙන් බරපතල තත්වයේ පසුවූ මොවුන් තිදෙනා ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත ඇතුළත් කර ඇත.

මොවුන් මෙලෙස වස පානය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර චාවකච්චේරිය පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *