(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ අයි එස් බෝම්බ ප්‍රහාරය ශ්‍රී ලංකා රජය හෙළා දැක ඇත.
ඊයේ(30) සිදුවූ ප්‍රහාර ද්විත්වයකින් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රහාරයෙන් මියගිය අය අතර ජනමාධ්‍යවේදීන් 10දෙනෙකුද සිටින අතර, ඔවුන්ගෙන් එක් අයෙකු කාබුල් නගරයේ ප්‍රංශ පුවත් සේවය වෙනුවෙන් කටයුතු කරන ප්‍රධානතම ඡායාරූප මාධ්‍යවේදියා වන ෂාහ් මාරායි ය.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශික මහීෂිනී කොළොන්න මහත්මිය සදහන් කර ඇත්තේ මෙම ප්‍රචණ්ඩකාරී ප්‍රහාරයෙන් මිය ගිය අයගේ පවුල් වෙත ශ්‍රී ලංකා රජයේ ශෝකය පළ කරන බවත් තුවාල ලැබූවන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන බවත්ය.
මෙම පළමු ප්‍රහාරය යතුරුපැදියක පැමිණි ප්‍රහාරකයෙකු විසින් සිදුකර තිබුණු අතර, ඉන් විනාඩි 15කට පමණ පසුව දෙවැනි ප්‍රහාරය එම ස්ථානයට ජනතාව හා වාර්තාකරුවන් රැස්වූ අවස්ථාවේදී එල්ල කර තිබුණි. ප්‍රහාරවල වගකීම අයිඑස් සංවිධානය භාරගෙන තිබේ.
ප්‍රංශ පුවත් සේවය පවසා තිබුණේ මෙම දෙවැනි ප්‍රහාරය හිතාමතාම එම ස්ථානයට පැමිණි මාධ්‍යවේදීන් ඉල්ල කර එල්ල කරන ලද්දක් බවය.