සර්බියාවේ නියෝජ්‍ය අගමැතිවරයා මේ සතියේ ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – සර්බියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඊවිසි ඩාසික් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි සර්බියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව සර්බියාවේ ප්‍රථම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා වන ඊවිසි ඩාසික් මහතා හෙට(02) දිනයේ සිට ලබන 08වනදා දක්වා කාලය තුළ ඉන්දියාව, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල සංචාරය කිරීමට නියමිතය.

අගමැතිවරයා මෙම සතිය තුළ මෙරටට පැමිණීමට සූදානමින් සිටී.

මෙම සංචාරය තුළ දී සර්බියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා එම රටවල් වල නායකයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට සැළසුම් කර ඇත.

රටවල් අතර පවත්නා සහයෝගීතාව වර්ධනය කරගැනීම සහ ද්විපාර්ශ්වික සබදතා ශක්තිමත් කර ගැනීම සඳහා ගිවිසුම් කිහිපයකට එළඹීම ද සර්බියානු අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය තුළ දී සිදුකිරිමට නියමිත බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *