අමෙරිකාවේ ඇරිසෝනියා ප්‍රාන්තයේ ලැව් ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ඇරිසෝනියා ප්‍රාන්තයේ ලැව් ගින්නක් හටගෙන තිබේ. ඒ සමග ප්‍රාන්තයේ එක් ප්‍රදේශයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ වන විට පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයෙන් ජනතාව ඉවත්කර තිබේ. ලැව් ගින්නෙන් අක්කර අට දහසක් පමණ විනාශ වී ඇති බව වාර්තා වේ.

ගිනි නිවන භටයින් පන්සිය දෙනෙකු පමණ ගින්න නිවීමේ කටයුතු සඳහා යොදවා තිබේ.

ගින්න දැඩි ලෙස පැතිර යමින් පවතින බැවින් ගින්න පාලනය කිරීම ද අසීරු වී ඇතැයි ගිනි නිවන භටයින් සදහන් කර ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *