700වැනි උදා ගම්මානය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නමින්

(කොළඹ, ලංකාපුවත්) –ලාංකේය සිනමාවට පුරෝගාමී මෙහෙවරක් සිදු කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට උපහාර පිණිස ‘ සිනෙපති ලෙස්ටර් ජේම්ස් පීරිස් ගම‘ නමින් උදා ගම්මානයක් සදහා ඉකුත් 29වනදා මුල්ගල් තැබූ බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සදහන් කරයි.

තිස්සමහාරාම ජුල්පල්ලම ග්‍රාමයේ දී එම ගම්මානයට මුල්ගල තබන ලද්දේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප්‍රාප්ත වීමට දිනකට පෙර වීම ද විශේෂත්වයකි.

‘ සිනෙපති ලෙස්ටර් ජේම්ස් පීරිස් ගම‘ වත්මන් උදා ගම්මාන වැඩපිළිවෙල යටතේ ආරම්භ කළ 700වැනි ගම්මානය වේ. එය හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ඉදිකෙරෙන 139වන උදා ගම්මනය මෙන්ම තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසය තුළ ඉදි කෙරෙන 65වන උදා ගම්මානය වේ.

උග්‍ර දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් සදහා නැවත අයකර ගනු නොලබන පදනමින් නිවාස ආධාර ලබාදීමේ වැඩසටහන යටතේ මෙම ගම්මානයේ ප්‍රතිලාභී පවුල් වෙත සිය නිවාස ඉදිකර ගැනීම සදහා රුපියල් 5,00,000 බැගින් ලබා දේ.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා, ඉන්දීය රජයෙන් කළ ඉල්ලීම පරිදි ඉතා දිළිදු පවුල් වෙනුවෙන් දිවයින පුරා උදාගම්මාන 50ක් ඉදිකිරීම සදහා පිරිනැමුණු රුපියල් ලක්‍ෂ 6,000ක ආධාර වැඩසටහන යටතේ මෙම උදා ගම්මානය ඉදිකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *