(කොළඹ, ලංකාපුවත්) –නව කැබිනට් සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (02) සිදුකෙරේ.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.
ඊයේ දිනයේදී කැබිනට් අමාත්‍යවරු 18 දෙනකු පත් කෙරුණු අතර ඒ දැනට සිටින කැබිනට් අමාත්‍යවරුන් පිරිසකට අමතරවය.
එහිදී මෙතෙක් අමාත්‍ය ධූරයක් අහිමිව සිටි විජේදාස රාජපක්ෂ මහතාට අමාත්‍යාංශ දෙකක් හිමිවිය.