රත්තරන් සමඟ ඉන්දියානුවන් 04ක් කටුනායකදී අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී අන්දමින් රත්තරන් තොගයක් දිවයිනට රැගෙන ඒමට උත්සාහ දැරූ ඉන්දීය ජාතිකයන් සිව් දෙනෙකු කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන රේගුවට භාර දී ඇත.

අද(03) උදෑසන කටුනායක ගුවන් තොටුපලේ දී රත්තරන් කිලෝ 01යි ග්‍රෑම් 737ක් සමග ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26, 27, 35 හා 43 වයස් කාණ්ඩවල පසුවන ඉන්දීය ජාතිකයන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *