ඉදිරි මාස 18 බලාපොරොත්තුව ඇමති අර්ජුන කියයි

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි මාස 18දී පහුගිය කාලේ රජය අතින් අතපසු වුණු දේවල් හදාගෙන ඉදිරියට යාම තමයි මහජනතාව බලාපොරොත්තු වන්නේයැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද උදෑසන (03) දෙමටගොඩදී ආගමික උත්සවයකට එක්වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“පසුගිය කැබිනට් සංශෝධනය සිදු වුණේ ජනාධිපතිතුමයි, අගමැතිතුමයි සාකච්චා කිරීමෙන්. අපට ඉදිරියට තව මාස 18ක් ඉතිරිව තියෙනවා. ඉදිරි මාස 18දී පහුගිය කාලේ අපේ අතින් අතපසු වුණු දේවල් හදාගෙන ඉදිරියට යාම තමයි මහජනතාව බලාපොරොත්තු වෙන්නේ. මේ රටේ මහජනතාව 2015 දී වරමක් දුන්නේ අතිගරු ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි එකට ආණ්ඩුවක් හදාගෙන ඉදිරියට ගෙනියන්න කියලා. එහෙම නැත්නම් මහජනතාවට තිබුණා ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවක් හදන්න හරි, එ.ජා.ප ආණ්ඩුවක් හදන්න හරි. එහෙම නැතුව බලය දුන්නේ දෙගොල්ලන්ටම දේශපාලනය පැත්තකින් තියල රට හදන්න. ඉතින් ඒ ක්‍රමවේදය පහුගිය කාලේ කරගෙන ගියා. ඉදිරියේදී ඊටත් වැඩියෙන් පිරිසිදු දේශපාලනයක් කිරීමේ අවශ්‍යතාවය ඇති වෙලා තියෙනවා. ඒක තමයි අලුත් කැබිනට් සංශෝධනයෙන් පසුව අපි සියලු දෙනාගේම වගකීම වෙන්නේ….” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *