මර්සි රෝහල් නෞකාවෙන් ප්‍රතිකාර ගැනීමට අවස්ථාවක්

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රිකුණාමල වරායට සේන්දු වී ඇති අමෙරිකානු නාවික හමුදාවට අයත් මර්සි රෝහල් නෞකාවේ කාර්යයන් පිළිබඳව ඊයේ(02) මාධ්‍යවේදීන් දැනුවත් කෙරුණි.

ඒ, අමෙරිකානු නාවික හමුදාවට සම්බන්ධ වෛද්‍යවරුන් පිරිසක් විසිනි.

මේ නෞකාව මීටර් 272ක් දිගින් යුක්ත වන අතර, පළල මීටර 32කි. එය ඇඳන් දහසකින් සමන්විතය. ඉන්දු – ආසියා පැසිෆික් කලාපීය මානුෂීය ආධාර සහ ආපදා සහන මූලික අරමුණු කර ගත් වාර්ෂික සහයෝගීතා වැඩසටහන වෙනුවෙන් නෞකාව ශ්‍රී ලංකාවට සේන්දු විය.

වැඩසටහන මුල්වරට ක්‍රියාත්මක කරන ලද්දේ 2017 වසරේ දී හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමිනි. ත්‍රිකුණාමලය මූලික කර ගනිමින් ක්‍රියාත්මක මෙරට වැඩසටහන ලබන 09 වැනිදා තෙක් පැවැත්වේ.

ඔස්ට්‍රේලියාව, පේරු, කැනඩාව සහ ජපානය යන රටවල හමුදා සාමාජිකයින් හා රාජ්‍ය නොවන සංවිධාන රැසක් මීට දායක වී සිටි.

නෞකාවේ අංග සම්පූර්ණ ශල්‍ය මෙහෙයුම් කාමර 12ක් පවතින අතර, ඩිජිටල් විකිරණ සේවා, රසායනාගාරයක්, ඔසුහලක්, අක්ෂි රසායනාගාරයක්, සීටී ස්කෑන් යන්ත්‍රයක් මෙන්ම ඔක්ෂිජන් නිෂ්පාදනය සඳහා යන්ත්‍රාගාර දෙකක් ද පවති. නෞකාවට හෙලිකොප්ටර් යානා ද ගොඩබැස්විය හැකිය.

මර්සි රෝහල් නෞකාවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයින්ට මේ දිනවල අවස්ථාව සළසා ඇති බව එහි අණදෙණ නිලධාරී කෙමාදෝරු ඩේවිඩ් බ්‍රෙට්ස් මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *