විසිතුරු මසුන් අපනයන රටවල් අතර ශ්‍රී ලංකාවට 12වන තැන

(කොළඹ, ලංකාපුවත්) – විසිතුරු මත්ස්‍ය අපනයනය සිදු කරන රටවල් අතර මේ වනවිට 12 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි නාරා ආයතනය පවසයි.

මේ අනුව ලෝක විසිතුරු මත්ස්‍ය ඉල්ලුමෙන් 03%ක් මේ වනවිට ලංකාව විසින් ලබාදෙන බවත්, මෙම තත්ත්වය තවත් වර්ධනය කිරීම සඳහා විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද එම ආයතනයේ මාධ්‍ය හා ව්‍යාපෘති නිලධාරී තරංග බුද්ධික මහතා සඳහන් කළේය.

මේ මස 11 වැනිදා සිට සති අන්තයේ දින තුන බැගින් නව පුහුණු වැඩමුළු පවත්වන බවද ඔහු පවසා සිටියේය.

0112521000 දුරකථන අංකයෙන් අභ්‍යන්තර ජලජීවී වගා ඒකකය ඇමතීමෙන් මෙම පුහුණු වැඩමුළුවට සම්බන්ධ විය හැකි බවද තරංග බුද්ධික මහතා සඳහන් කළේය.

ස්වාභාවිකව අභිජනනය කළ නොහැකි විසිතුරු මත්ස්‍ය විශේෂ කිහිපයක් නව තාක්ෂණය යොදාගෙන අභිජනනය කර තිබෙන බවත්, මෙම දැනුම පවා ජනතාවට ලබාගත හැකි බවත් ඔහු පවසා සිටියේය.

විසිතුරු මත්ස්‍ය වගාව දියුණු කිරීමට සාපේක්ෂව මත්ස්‍ය ආහාර සැකසීම සඳහාදව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කරමින් තිබෙන බවද මාධ්‍ය හා ව්‍යාපෘති නිලධාරීවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *