සර්වඥ ධාතුන් වහන්සේලා ආපසු සාරානාත් නුවරට වැඩම කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – අරලියගහ මන්දිරයේ ප්‍රදර්ශනය සදහා ඉන්දියාවේ බරණැස සාරානාත් නුවර සිට ශ්‍රී ලංකාවට වැඩම කරවූ සර්වඥ ධාතුන් වහන්සේලා ආපසු වැඩම කරවීම අද (03) දින පෙරවරුවේ සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ගරුතර මහා සංඝ රත්නය ද, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක සහභාගි වී සිටියහ.

කටුනායක ගුවන් තොටුපලේ, “සිරිලක” අති විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ දී සර්වඥ ධාතුන් වහන්සේලා වෙනුවෙන් ආගමික වතාවත් සිදු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *