අල්ලස් ගත් අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – අල්ලස් චෝදනාවක් මත ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨනිලධාරියකු සහ රාජ්‍ය සංස්ථා සභාපතිවරයකු අත්අඩංගුවට පත්වීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ.

මෙම සිද්ධියට සමබන්ධ නිලධාරීන්ගේ සේවය වහාම අත්හිටුවන ලෙස නියෝග කළ ජනාධිපතිවරයා ඔවුන්ට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අදාළ සියලු බලධාරීන්ට දන්වා සිටී. අල්ලස් හා දූෂණයට එරෙහි රජයේ ස්ථිරසාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ වැදගත්කම මෙයින් තහවුරු වෙයි.

නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම් දරන රජයේ නිලධාරීන්ට සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීම පිණිස වර්තමාන රජය යටතේ ඇති කර තිබෙන ස්වාධීන සහ අපක්ෂපාතී පසුබිම පිළිබඳ තමා සතුටු වන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *