ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීයා හා රාජ්‍ය සංස්ථා සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට

(කොළඹ, ලංකාපුවත්) – අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට පත් වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි ආචාර්ය අයි .එච් .කේ .මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක යන මහත්වරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරුවන් ඊයේ(03) රාත්‍රී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත ඉදිරිපත් කිරිමෙන්පසු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදි.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ නිළධාරින් විසින් සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබුණි.

මෙරට දී ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතියක් සඳහා පිටරට සමාගමකින් රුපියල් කෝටි ගණනක් අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ.

මේ වන විට වාර්තා වී ඇති අන්දමට ඉහත සැකකරුවන් දෙදෙනා මෙම විදේශිකයාගෙන් මුලින්ම ඉල්ලා ඇත්තේ කෝටි 58ක මුදලකි. කෙසේනමුත්, පසුව ඔවුන් එම මුදල කෝටි 10ක් දක්වා අඩුකර තිබේ.

මෙම මුදලෙන් කෝටි 02ක කොටසක් ලබාගැනීමට යාමේදී ඔවුන් දෙදෙනා කොළඹ තරුපහේ හෝටලේ රථගාලේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *