සෞදි කුමාරිකාව අරාබි විලාසිතා කවුන්සිලයේ සභාපති වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සෞදි අරාබි රාජ කුමාරියක් වන නූරා බින්ට් ෆයිසාල් අල්-සවුඩ්, අරාබි විලාසිතා කවුන්සිලයේ සභාපති ලෙස නම් කර ඇත.

ඒ අනුව ඇය පසුගියදා මැද පෙරදිග පැවැත් වූ ප්‍රථම විලාසිතා සතිය සංවිධාන කර තිබේ.

මෙම කුමරිය ටෝකියෝ හි රික්යෝ විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර ව්‍යාපාර විෂය අධ්‍යයනය කර ඇති බව සදහන් වේ.

සෞදි අරාබියේ නිර්මාතෘ වන අල්-සවුඩ් ගෙන් පැවත එන පරපුර මෙම කුමාරිකාව නියෝජනය කරන ඇතර ඇය මේවන විට 30වැනි වියෙහි පසුවේ. ඇය ජපානයේ වාසය කරන කාලය තුළ මෙලෙස විලාසිතා ආභාෂය ලැබුවාය.

ඒ අනුව ඇය පසුගිය අප්‍රේල් 11වනදා සෞදි අරාබියේ ප්‍රථම වරට විලාසිතා සතියක් පවත්වා තිබේ.

මෙම විලාසිතා දැක්ම අරාබි විලාසිතා කවුන්සිලය විසින් සංවිධානය කරන ලද අතර කාන්තාවන්ට පමණක් එය විවෘත ව තැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තෙල් මත රටේ ආර්ථික රඳා පැවැත්ම අඩු කිරීම සඳහා කුමරිය, සෞදි අරාබිය වෙත රෙදිපිළි නිෂ්පාදන හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *