එමිල් රන්ජන් හා නියොමාල් රංගජීව යළි රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා ලබන 22වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

බන්ධනාගාරය භාරයේ සිටින එම සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට පමුණුවන ලැබීය.

රහස් පොලිසිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා කරුණු දක්වමින් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව අධිකරණයට දන්වා සිටියේය.

පරීක්ෂණවල ප්‍රගතිය ඉදිරියේදී වාර්තා කිරීමට පියවර ගන්නා බව ද රජයේ නීතිඥවරයා වැඩිදුරටත් දන්වන ලදි.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිරකරුවන්ගේ මරණය පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කමිටුවක් විසින් නිකුත් කර ඇති වාර්තාව ලබාගෙන ඒ සම්බන්ධයෙන් ලිබිත දේශනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව සැකකරුවන් ලබන 22 දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් රහස් පොලිසියට නියම කළේය.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළදී සිරකරුවන් 27 දෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *