දුම්රිය වර්ජනය ස්ථිරයි

(කොළඹ, ලංකාපුවත්) –අද(08) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර ඇති දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන බලධාරීන් අතර පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

අදපෙරවරු 10.00 ට පැවති අදාළ සාකච්ඡාව සඳහා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සහ ප්‍රවාහන අමාත්‍ය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මෙන්ම වෘත්තිය සමිති නියෝජිතයින් සහභාගී වූ බව සඳහන්ය.

කෙසේ නමුත් අදාළ සාකච්ඡාවේදී සිය ඉල්ලිම්වලට සාධනීය පිලිතුරක් නොලැබීම හේතුවෙන් සැලසුම් කර ඇති වර්ජනය ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබේ.

තම වැටුප් විෂමතා නිවැරැදි කිරීම පිළිබඳව බලධාරීන්ගෙන් මෙතෙක්‌ විසඳුමක්‌ නොලැබීම මෙම වර්ජනයට හේතුව බව එම වෘත්තිය සමීති පෙන්වා දෙයි. දුම්රිය රියෑදුරන්,ස්‌ථානාධිපතිවරු, පාලකවරු සහ නියාමකවරු මෙම වර්ජනයට එක්‌වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *